ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිදු වූ දේ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව නායක දසුන් ශානක පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට යාම හේතුවෙන් ලංකා කණ්ඩායම අද (07) මෙරටට පැමිණි අවස්ථාවේය.
“ඇත්ත තත්ත්වය තාම දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. අධිකරණයෙන් ඉක්මනින්ම ඒකට පිළිතුරක් හම්බවෙයි. අපි දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක් වෙලා කියලා. අපිට කතා කරන්න වුණේ නෑ.”
මේ අතර ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පනවා ඇති බව වාර්තා වන අතර ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ය.
ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධිකරනයෙන් ලැබෙන තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු වනු ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
