නොවැම්බර් 02 විරෝධයට : ජවිපෙ නෑ !

නොවැම්බර් 02 විරෝධයට : ජවිපෙ නෑ !

නොවැම්බර් 02 පැවැත්වෙන බව කියන පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි කිසිදු අදහසක් නොමැති බවත් ඊට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටපුරා ජනතාව අමතමින් රට දිනවීමට සාර්ථක වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බවත් ජනතාව සමඟ එක්ව මර්දනය පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.

“රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනවද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ.

අපි රටපුරා ජනතාව සාර්ථකව සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මර්දනය පරාජය කිරීමට අප ජනතාව සමඟ කටයුතු කරනවා. විශේෂයෙන්ම මර්දනය නවත්තන්න කියා අපි පාලකයන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ. පාලකයෝ ඒක කරන්නෙත් නෑ. ඒ නිසා අපි ජනතාව එක්ක එකතු වෙලා රට දිනවන්න කටයුතු කරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න