Language Switcher

V2025

රවී සාගල හලපු - එජාප සැලුන් දොර : ප්ලාන්ට් නිව්ස් එකක් !

''එජාපයත් සැලුන් දොරක් දමයි....'' ලංකාදීප පත්තරේ ලොකු හෙඩිමකින් නිව්ස් එකක්..

ඒ නිව්ස් එකේ හැටියට, පොහොට්ටුව ප්‍රධාන , සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත , ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා, නව වැඩපිළිවෙලක් හදන්න කියලා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ, UNP ලොක්කන්ට උපදෙස් දීලා.

දිනෙන් දින වෙනස් වන , මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර, ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ, වැඩ කටයුතු, ඒ අනුව කඩිනමින් ආරම්භ කරන්න කියල රනිල් වික්‍රමසිංහ කියල ලු..

හැකි ඉක්මණින්, මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත්, ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපදෙස් දීලා කියල තමයි ලංකාදීපේ කියන්නේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දීල තියෙන්නේ , එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන , මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් ගේ සහභාගීත්වයෙන් තිබුන UNP එකේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ලු..

ලංකාදීපේ ගිය ඔය නිව්ස් එක , ඔන්න ඊයේ ශෝෂල් මිඩියාවලත් හිට් වෙලා ..

ඔය නිව්ස් දැකලා කලබල වෙලා තියෙන්නේ , පොහොට්ටුවේ ලොක්කෝ විතරක් නෙමෙයි, අලි- පොහොට්ටු සන්ධානයක් හදන්න දඟලන UNP ලොක්කෝ, කීප දෙනෙකුත්, අවුල් වෙලා ලු...

මේ දවස්වල රට ගිහින් ඉන්න, පොහොට්ටු මහ ලේකම් සාගර ත් ජනාධිපති රනිල්ගේ හිතවතෙකුට කතාකරලා , ඔය ගැන අහලා තිබුන ලු..

අන්තිමේදී ඒ හිතවතා , මේ නිව්ස් එක ගැන, ජනාධිපති තුමාට call එක්ක දීල අහලා.

'' ඕක බොරු නිව්ස් එකක් .. මම මේ ලංකාදීපේ ට කතාකරන්න හදන්නේ. ම නොකියපු කතාවක් කිව්වේ කව්ද කියල දැනගන්න.. අනෙක, මම ඔහොම කතාවක් කියල නෑ .. ඔහොම රැස්වීමක් තිබුනෙත් නෑ .. අනෙක, අඛිල පහුගිය සතියේ හිටියේ ඉන්දියාවේ.. '' ජනාධිපති තුමා කියව ගෙන කියවගෙන ගියා ලු..

ඒ කතාව අස්සේ ජනාධිපති රනිල් මෙහෙමත් කිව්වා ලු...

'' කොහොමටත් වෙනින් පක්ෂවල කට්ටිය ගන්නවට වඩා, මේ වෙලාවේ UNP එකට වැදගත් වෙන්නේ, UNP එක හදාගෙන, ඉදිරියට යන්නේ කොහොමද කියල හිතන එක.. චන්දයක් කිට්ටු වුනාම, වෙනින් පක්ෂ එක්ක වැඩ කරනහැටි, ඒ වෙලාවට බලාගන්න පුළුවන්.. අපේ පක්ෂයේ ලොකු උදවිය, දැන් ජනාධිපති කාර්යාලේ , සෙල්ලන් පුටු තරඟ කරලා හරියන්නේ නෑ .. සිරිකොතට ගිහිල්ල , ගමට ගිහිල්ල වැඩකරන්න ඕන. ''

''කොහොමටත් ඉස්සරහදී තරුණ - තරුණියන් ඉස්සරහට දාලා, එයාලට පක්ෂයේ වගකීම් දෙන්න තමයි, මම හිතාගෙන ඉන්නේ..'' එජාප නායකතුමා කිව්ව ලු..

මේ වෙලාවේ, පොහොට්ටුවේ කට්ටිය, UNP එකට ගන්න , කිසිම අදහසක් නැ කියල තමයි, ජනාධිපති රනිල් කිව්වයි කියන්නේ..

ඔය වගේ කතාවක්, ලංකාදීපෙට දුන්නේ කව්ද කියල, ජනාධිපති රනිල් පස්සේ හොයාගෙන ලු.. එයාගේ ලඟම ගොලයෙක්ගේ, ප්ලාන්ට් එකක් නිසා, මොකුත් කරගන්න විදියකුත් නැ ලු..

ඔය පොහොට්ටුවෙන් කට්ටියක්, UNP එකට ගන්නවා කියන කතාව , පහුගිය දවස්වල ,රංගේ බණ්ඩාරයි, අඛිලයි දෙන්නම ප්‍රෙස් තියලම මාධ්‍යවලට කියපු නිසා ,
සැලුන් දොරක් නිව්ස් එක දැම්මා කියල, ලංකාදීපේ ලොක්කෙක් , ජනාධිපති තුමාට කියල.. මොනවා කරන්නද මාමගේ පත්තරේ නේ..

කොහොම හරි ඔය නිව්ස් එකෙන් පස්සේ, UNP එකේ දේශපාලන මණ්ඩලේ කැඳවලා, පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්න, ජනාධිපති රනිල් තීන්දු කරලා ලු.. දවස් දෙක තුනකට, රට ගිහින් ආපු ගමන්, ඒ රැස්වීම කැඳවන්න කියල දැනුම්දීමකුත් කරලා කියලා තමයි ආරංචි...

සැලුන් දොරේ කතා මොනවා වුනත්, සජබේ ලොක්කෝ දෙතුන් දෙනෙක්, අයවැයට සහයදෙන්න, ළඟදීම ආණ්ඩුවට එකතුවෙන්න යනවා කියලනම් කතාවක්, ඔන්න යනවා. ඒ දෙන්නෙක්ම හිටපු ආණ්ඩුවල මැති ඇමතිකන් දරපු කට්ටිය ලු..

ඔය විදියට බලනකොට, ලොක්කා පොහොට්ටුවට කොහොම වෙතත්, සජබෙට නන් වැඩක් දෙන්න වෙලාව බලබල ලු ඉන්නවයි කියන්නේ..

කොහොම නමුත් newstube අපිටත් ඔය නිව්ස් එක ආවා. අපි ඇහුවා ඔය වගකීම් දුන්න පාර්ශ්ව අතර හිටපු මුදල් ඇමති රවී නැද්ද කියලා . මොකද අපි දන්න විදිහට එජාප ප්‍රතිසංවිධාන වැඩේ සැලකිය යුතු වගකීමක් මේ වෙනකොටත් පක්ෂ නායකත්වය විසින් හිටපු මුදල් ඇමති රවීට පවරලා තියෙන්නේ .

එතකොට නිව්ස් එක ප්ලාන්ට් කරපු පාර්ශ්වය පැත්තෙන් දැනගන්නට ලැබුණේ කොළඹින් බැහැරව ගොස් සිටි නිසා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම රැස්වීමට සභාභාගී වුනේ නෑ කියලා . ඒ නැතත් පක්ෂ නායකත්වය විසින් ඔහුට ද ඒ සම්බන්ධ විශේෂ වගකීමක් පවරා ඇති බවත් කිව්වා .

වැඩේ කියන්නේ එජාප ජාතික සංවිධායක සාගල රත්නායක වත් මේ හමුවෙන් හලලා. මොනවද අප්පා මේ නිව්ස් ප්ලාන්ට් ? අනේ මන්ද ...

දේශපාලන වාර්තාකරු