Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

දේශීය ආදායම් සංශෝදන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, වරලත් ගණකාධිවරයෙකු වන ප්‍රසාද් දසනායක විසිනි.

කෙටුම්පතේ අඩංගු සමහර වගන්ති මගින් ව්‍යාපාර ක්ෂේත්‍රයට විශේෂයෙන්ම ආනයන අපනයන ක්ෂේත්‍රයට විශාල හානියක් , එනම් අධික බදු බරක් පැටවීම මගින් එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව ඔහු පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එහි වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසයි.

පසුගිය 21 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මීට පෙර ද පාර්ශව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 03 ක් ගොනු කළේ ය.