Language Switcher

V2025

හකීම් unp මොරාල් හදලා : සජිත් අවුල් වෙලා !

සජිත්ලා රනිල් පන්නන්න ගේම් ප්ලෑන් කරද්දී, ඔන්න සජීත් එක්කම ඉන්න රවුෆ් හකීම්, UNP කාරයින්ගේ මොරාල් අප් කරන කතාවක් කරලා.

''එන ඡන්දෙදි පොහොට්ටු 40ක් රනිල් එක්ක'' කියල මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කියලා තියෙන්නේ , පෙරේදා (25දා) මහනුවර බද්උද්දීන් මහමුද් බාලිකා විදුහලේ තිබිච්ච උත්සවේකට පස්සේ මාධ්‍යවේදීන් එක්ක.

ඉදිරි මැතිවරණයකදී, පොදුජන එක්සත් පෙරමුණේ විශාල කණ්ඩායමක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වේ යටතේ, එකට එකතුවෙලා තරග කරන්නයි යන්නේ කියල, මුස්ලිම් කොන්ග්‍රස් නායකයා කියනවා..

'' මේ වන විට මේ රටේ පවතින දේශපාලන ක්‍රමයට අනුව පක්ෂ මාරු කිරීම, පිල් මාරු කිරීම ඉතා සරල දෙයක්. කවුරු කොහේට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙන විට ආණ්ඩු පක්ෂයේ විශාල කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්ව දේශපාලන ගමනක් යන්න සාකච්ඡා කරලා තියෙනවා කියලා. අපි හිතන විදිහට 30ක් 40ක් විතර විශාල කණ්ඩායමක් මේ ආකාරයෙන් දේශපාලන පිම්මක් පැනීමට සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය වේවි.

මෙතෙක් කල් රටේ ජනතාව බලාගෙන සිටි කපුටු නාඩගම දැන් ඉවරයි. දැන් අලුත් නාඩගමක් කරළියට එන්න සූදානම්. ජනාධිපතිතුමාගෙන් අපිටත් ආරාධනා තියෙනවා ඔහු සමඟ එක්ව කටයුතු කරන්න කියලා. නමුත් අපි කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන අවස්ථාවේ පිල් මාරු කිරීමක් කරන්න හොඳ නැහැ කියලයි හිතන්නේ. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා.'' රවුෆ් හකීම් මන්ත්‍රීතුමා පැහැදිලිව කියනවා..

රවුෆ් හකීම් උන්නැහේ ඒ කියපු කතාව විපක්ෂනායක තුමාට එච්චර දිරවලා නෑ .. කියල තමයි විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග වලින් වාර්තා වෙන්නේ..

අනේ මන්දා... තව ඉස්සරහට මොනවා වේවිද කියලා .....

- දේශපාලන වාර්තාකරු