චරිතට කෝප් කමිටුවේ පුටුවක් !

චරිතට කෝප් කමිටුවේ පුටුවක් !

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් නම් කර ඇත.

නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා චරිත හේරත් පත් කරන බවයි.

චරිත හේරත් මන්ත්‍රීවරයා මීට පෙර කෝප් කමිටුවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළත් මෙවර ඔහුව නම් කර තිබුණේ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා ) සඳහා ය.

පසුගියදා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් නව කෝප් කමිටුවක් ප්‍රකාශයට පත්කිරීමේදී චරිත හේරත් මන්ත්‍රීවරයා ඊට නම් නොකිරීම සම්බන්ධයෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා විරෝධය දක්වා තිබිණ.

එසේම පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ද සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කෝප් කමිටුවෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන් තීරණයක් ගෙන ඇති බව පවසා පුරප්පාඩුව සඳහා චරිත හේරත් මන්ත්‍රීවරයා නම් කරනු ලැබිණ.

කෙසේ වෙතත් කෝප් කමිටුවේ මෙවර සභාපති ධුරය දරන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර ය.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවත් චරිත හේරත් මහතා මේ වනවිට ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් සමඟ කටයුතු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න