තෙල් බැරල්වලට වැඩිපුර Premium ගෙවන්න වුණේ ඇයි?

තෙල් බැරල්වලට වැඩිපුර Premium ගෙවන්න වුණේ ඇයි?

ඉන්ධන ලබා ගැනීමේදී රක්ෂණ වාරික සඳහා වැඩිපුර රක්ෂණ වාරික ගෙවීමක් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු නිකුත් වෙමින් ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පවසයි.

ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික කරුණු පිළිබඳ ජනතාවට ඇත්තේ අවම අවබෝධයක් බව පවසන ඔවුන් එනිසා පහසුවෙන් යැවීමේ චේතනාවෙන් මෙම සාවද්‍ය මත ප්‍රචාරය කරමින් ඇති බවත් පවසයි.

එබැවින් ජනතාව අතර වැරදි මතයක් ඇති නොවීම පිණිස ඔවුන් මෙසේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර සිටියි.

රට සාමාන්‍ය තත්ත්වයෙන් පවතිද්දී අර්බුදයකින් තොරව විදේශ විනිමය සංසරණය වන විට ඛනිජ තෙල් සංස්ථාව ( CPC ) විසින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී රක්ෂණ වාරික (Premium) ගෙවනු ලැබුවේ ඇමරිකානු ඩොලර් ශත 15 සිට 2.50ක් අතර පරතරයක රක්ෂණ වාරිකයකි.

නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙද්දී, විදේශ ණය හිමියන් ගේ ණය ගෙවීම් අත් හිටු වූ පසුබිමේ සංස්ථාව විසින් ලබා ගත් ඉන්ධන සඳහා සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පොරොන්දු කාලයේදී නොගෙවන විට සාමාන්‍ය තත්ත්වයන් යටතේ ගනුදෙනු කිරීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත.

සැපයුම්කරුවන් විසින් මෙරටට නැව් ගත කරන ඉන්ධන රක්ෂණය කිරීමේදී ඊට රක්ෂණ සමාගම් විසින් අතිරේක අවදානම් වාරික ප්‍රතිශතයක් ද එකතු කර ඇති අතර, එය විශේෂත්වයක් නොවේ. එය සාමාන්‍යයෙන් ව්‍යපාර වල සිදුවන සාමාන්‍ය ක්‍රමවේදයයි.

නමුත් එම අගය ඇමරිකානු ඩොලර් 12- 15 වුණ අවස්ථා ද පසුගිය කාලය පුරා ඉන්ධන අවදානම් වාරිකය (RISK PREMIUM) ගෙවන්නට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි. මේ වන විට මෙම වාරිකය ඉන්ධන බැරල මත, ප්‍රවාහනය කරන නැව් මත මෙන්ම එම සමාගම් වෙත නියමිත ගෙවීම් මත ද බලපායි. ඩොලර් විනිමය අනුපාත ඉහළ යාමත් මෙම තත්ත්වයට බල පා ඇති තවත් ප්‍රධාන සාධකයකි.

නමුත් ඊට වෙනත් විකල්පයක්ද මේ වන විට රටට නොමැත. කිසිදු සැපයුම්කරුවෙක් මේ රටට ඉන්ධන නැවක් තියා බෝතලයක් වත් එවීම ප්‍රතික්ෂේප කළ මොහොතක රටේ අවශ්‍යතා ඉටු කරගන්නට අවම ආවස්ථික පිරිවැයක් දරමින් ඉන්ධන ගෙන්වීම පිළිබඳව ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව සාක්ෂි සහිතව බලශක්ති අමාත්‍යවරයා විසින් සියල්ලන් දැනුවත්කොට ඇත.

මින් පෙර ඉන්දියානු ණය ආධාර ( Indian credit line) යටතේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී එරටින් පැනවූ විශේෂ කොන්දේසියක් වූයේ ඉන්ධන ලබා ගත හැක්කේ ඉන්දියානු සැපයුම්කරුවන් ගෙන් පමණක් බවය. ඒ අනුව IOC හරහා මෙරටට ඉන්ධන සැපයීමේදී සමාගම විසින් අය කල අවදානම් වාරිකය (RISK PREMIUM) එක් බැරලයකට ඇමරිකානු ඩොලර් 15ක් , 22 ක් , 28 ක් , 30ක් වැනි අගයන් ගනියි.

නමුත් අද වන විට මෙරට ආර්ථික තත්ත්වය කෙමෙන් කෙමෙන් සුබ දිශාවකට ගමන් කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියා කලාපයත් මේ වන විට සංස්ථාව විසින් පෙර සැපයුම්කරුවන්ගේ සමස්ත ණය ප්‍රමාණයෙන් අඩකටත් වඩා වැඩියෙන් පියවීමත් හේතුවෙන් මෙම එක ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට අපගේ සැපයුම්කරුවන් කටයුතු කරමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න