Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

සිමෙන්ති මිල පහළට !

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබේ.

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇත.

සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් මේ ආකාරයට මිල සහනයක් දී ඇති බව වෙළඳපොළ ආරංචිමාර්ග පවසයි.