Language Switcher

V2025

ඉදිරි විදුලි කප්පාදුව ගැන තීන්දුවක් අරගෙන !

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (03) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (2) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක පැවසීය .

එසේම ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දෙසැම්බර් දක්වා විදුලි කප්පාදුව තවදුරටත් වැඩි කිරීමට සිදුනොවනු ඇති බවය.