ආහාර ද්‍රව්‍ය කිහිපයක් ආනයනයට අවසර !

ආහාර ද්‍රව්‍ය කිහිපයක් ආනයනයට අවසර !

මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කුකුළු ආහාර නිෂ්පාදකයන් සඳහා විවෘත ගිණුම් හරහා, කොන්දේසි යටතේ බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට අවසර දී ඇත.

එසේම අනෙකුත් ආහාර ද්‍රව්‍යද කොන්දේසි මත ආනයනය කිරීමට ලබාදී තිබූ කාලයද දීර්ඝ කිරීමටද මේ වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වේ.

විදේශ විනිමය හිඟය හේතුවෙන් ආහාර හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මැයි මාසයේදී විවෘත ගිණුම් හරහා භාණ්ඩ ආනයනය තහනම් කළේය.

කෙසේ වෙතත්, පරිප්පු, සීනි, ලූනු සහ අර්තාපල් ඇතුළු භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම වෙනුවෙන් විවෘත ගිණුම් කොන්දේසි යටතේ ආහාර ආනයනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසර ලබාදී ඇත.

මෙම නව අනුමැතිය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව ලියාපදිංචි කුකුළු ආහාර නිෂ්පාදකයන්ට බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කළ හැකිය. ගුණාත්මක බවින් අඩු ආහාර නිසා කිකිළියන් වෙතින් බිත්තර ලබාගැනීම අඩු වන බවට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයන් විසින් මාස කිහිපයක් තිස්සේ අනතුරු අඟවා තිබිණි.

-අරුණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න