රංගන ශිල්පිනී දමිතා අත්අඩංගුවට

රංගන ශිල්පිනී දමිතා අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දියත උයන අසලදී අද පැවති විරෝධතාවයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ පොල්දූව හංදිය ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේවනවිට ඇයව මෝදර පොලිසියේ රඳවා ගෙන සිටිනබව වාර්තාවේ.

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීමත්, එසේම, පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මකව බලපෑම් කිරීම හා ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමත් සම්බන්ධයෙන් ද ඇය වෙත චෝදනා එල්ලකර ඇත.

මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති TID යට

 මේ අතර මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති බාලසිංහම් ක්‍රිෂ්ණකුමාර්ව සැප්තැම්බර් 14 දින කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ මූලස්ථානය වෙත කැඳවනු ලැබ තිබේ.

ඔහු මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාධරයෙකි.

අගෝස්තු 20 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගාල්ලේදි අත්අඩංගුවට ගත් තරුණ ක්‍රියාකාරිකයෙකු වන සහජ මධුශංක දින 19ක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටීමෙන් පසු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මීළඟ නඩු වාරය සැප්තැම්බර් 21 වැනිදාට නියම කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න