ලංකාව ඇතුළු රටවල් කිහිපයක ණය තත්ත්වය අන්තිමයි : IMF විධායක අධ්‍යක්ෂිකා !

ලංකාව ඇතුළු රටවල් කිහිපයක ණය තත්ත්වය අන්තිමයි : IMF විධායක අධ්‍යක්ෂිකා !

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය තිරසර නොවන බවත් එම රටවල් වලට ණය බර දරා ගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා පවසයි .

ඇය මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින්ය.

දිළිඳු රටවල් වලින් සියයට 60 ක් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බවත් එම සමුළුවේදී IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ජොර්ජීවා පැවසුවාය.

කොවිඩ් වසංගතයෙන් පීඩිත වූ මිනිසුන්ට උද්ධමනයද පහර දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙම ගැටලුවට මුහුණදීම සඳහා බලවත් බැංකු පද්ධතියක සහ ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා අවධාරණය කරයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න