නැවත සියලු පක්ෂ නායකයින් කැඳවා නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීමට පියවර ගන්නැයි දන්වමින් මහානායක ස්වාමීන්වහන්සේලාගේ අත්සන්වලින් යුත් ලිපියක් ජනාධිපති වෙත යොමු කර තිබේ.
ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා සහ සියලු පක්ෂ නායකයින් එකඟ වියයුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇත.
අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය යොමුකර තිබේ.
දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වියයුතු බවද ඉන් අවධාරණය කර තිබේ.
එසේම මීට පෙර ජනාධිපතිවරයා තමන් වහන්සේලාට එකඟතාව පළකල ආකාරයට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද එහිදී කරුණු සඳහන් කර ඇත .
අදාළ ලිපිය පහත දැක්වෙයි .



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
