කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එහි සභාපතිනි විශ්‍රාමික ශ්‍රේඨාධිකරණ විනිසුරු රොහිණි මාරසිංහ සඳහන් කළේ, සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මානව හිමිකම් කොමිසමේ නියොජිතයින් පිරිසක් ගිය බවයි.
අදාල කණ්ඩායම ලබා දෙන වාර්තාව අනුව සිදුවිම සම්බණයෙන් පූර්ණ ස්වාධීන විමර්ශනයක් පවත්වන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සඳහන් කළාය.
=කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයකු පහර දීම හේතුවෙන් මියයාමේ සිද්ධියක් මුල්කරගෙන ඉකුත් (27) දින එහි නොසන්සුන්තාවක් හටගත්තේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
