ලංකාවේ සංචාරය නවත්වා ආපසු එන්න : රුසියාව දන්වලා !

ලංකාවේ සංචාරය නවත්වා ආපසු එන්න : රුසියාව දන්වලා !

ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාර අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියාව මෙරට සිටින රුසියානුවන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි .

ඒ අනුව මෙරට සංචාරය සඳහා පැමිණ සිටි රුසියානුවන් 300 දෙනෙකු පමණ අද (05) දිනයේදී කටුනායක ගුවන් තොටුපළින් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව මාධ්‍ය වාර්තා පවසයි .

රුසියාව බලා පියාසර කරන අවසන් එරෝෆ්ලොට් ගුවන් යානය මගින් අද දහවල් ඔවුන් මෙරටින් පිටව යාමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙයි .

මේ අතර එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රුසියානු බලධාරීන් දැනුවත් කර තිබෙන බවත් වාර්තා වෙයි . විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එම දැනුවත් කිරීම සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න