චීන රජය පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය උපකරණ තොගයක් දිවයිනට ඊයේ මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
අත්‍යවශ්‍ය ඖෂධ 14ක් ඇතුළු අමෙරිකා ඩොලර් මිලියන 28 ක් වටිනා මෙම සෞඛ්‍ය ආධාර තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට රැගෙන ඒම සිදුවිය.
ඖෂධ තොගය භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
චීන රජය මෙන්ම එරට බෞද්ධ සමිති සංවිධානය ඇතුළු ප්‍රජා සංවිධාන මෙම ඖෂධ හා උපකරණ පරිත්‍යාග කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
