Image

පල්ලේගම හේමරතන සිද්ධිය; යුක්තිය ප්‍රමාද කිරීම සහ පීලි පැන්නවීම

පල්ලේගම හේමරතන සිද්ධිය; යුක්තිය ප්‍රමාද කිරීම සහ පීලි පැන්නවීම

අනුරාධපුර දැරිය සහ යුක්තිය වෙත යොමුවිය යුතු අවධානය වෙනත් දිශාවකට හැරෙමින් තිබේ. සමාජ මාධ්‍ය තුළ ජනතාව හඬනැගීමට පෙර සමස්ත දේශපාලන අධිකාරියේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් දැඩි නිහඬතාවකට ලක් වුණු මෙම සිද්ධිය අද වන විට ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ තත්ත්වයකට පත්ව ඇත.

ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් බිලි womenලා ද...?

ක්‍රියාපටිපාටිමය විවාද, වරප්‍රසාද ප්‍රකාශ සහ දේශපාලන සංවාද මධ්‍යයේ, යුක්තිය සඳහා දැරියට ඇති අයිතිය නැවත වරක් පසුපස අසුනට තල්ලු වී ඇත. මින් පෙනී යන්නේ යුක්තිය ප්‍රමාද කිරීමට සහ පීලි පැන්නවීමට උත්සාහ කරන බලවේග සාර්ථක වෙමින් සිටින බවක් ද?

ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය විරෝධයට පිලියමක් ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස් කර අනු කමිටුවක් පිහිටුව ද මේ සම්බන්ධ තීරණ ගැනීමේ සැබෑ හැකියාව සහ බලය ඇත්තේ අන් තැනක බව පැහැදිලි ය. මන්ත්‍රීවරියන් ඉදිරියට දමා, ආණ්ඩුවේ අවධානය මේ සිද්ධියට යොමුවන බව පෙන්වන නමුත් ඇත්තට ම සිදුවන්නේ, මේ කාන්තා නියෝජිතයින් ආණ්ඩුවේ තීරණ ගැනීමේ බලධාරින් විසින් ප්‍රයෝජනයට ගැනීමයි. එනම්, බලය සහිත තැන්වලින් ගන්න තීරණ සාධාරණිකරණය කිරීමට බිල්ලට දෙන්නේ මේ කාන්තා මන්ත්‍රීවරියන් ය. එබැවින්, අපේ ඉල්ලීම් යොමුකරන්නේ තීරණ ගන්නා බලධාරීන් වෙතය.

අදාළ බලධාරීන්ගෙන් අප පහත ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වෙමු.

  • මෙම නඩුවේ විමර්ශනය සම්බන්ධයෙන් මේ දක්වා ළඟාකරගෙන ඇති ප්‍රගතිය කුමක්ද? තවමත් සම්පූර්ණ කළ යුතුව ඇති පියවර මොනවා ද?
  • දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මැයි 22 දින සහ ඉන් පසුව පෙන්වා දුන් විමර්ශන හිඩැස් සහ අඩුපාඩු සියල්ල වෙත අවධානය යොමු කර තිබේ ද?මෙම නඩුවේ විමර්ශනය
  • ළමාරක්ෂක අධිකාරිය වෙත පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ ද? එහි දී සාකච්ඡා කෙරුණු කරුණු මොනවා ද?
  • මිනිස් ජාවාරම් සම්බන්ධ චෝදනා ගොනු නොකිරීමට හේතුව කුමක්ද? ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබේ ද?
  • දැරිය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නීති නියෝජනයක් ලබාදී තිබේද? එසේ නම් ඒ කවුරුන් ද?
  • මෙම නඩුවේ කටයුතු කරන ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව සිදුවෙමින් පවතින අපහාස, හිරිහැර හෝ බලපෑම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර මොනවා ද?
  •  චූදිතයාට අනුරාධපුරයේ ඇති බලපෑම්කිරීමේ හැකියාව සැලකිල්ලට ගෙන, නඩුව වෙනත් අධිකරණ බල ප්‍රදේශයකට මාරු කිරීමේ හැකියාව සලකා බලා තිබේ ද?
  • මෙම නඩුව සඳහා Trial-at-Bar ක්‍රියාමාර්ගයක් සලකා බලා තිබේ ද?
  • දරුවාගේ මානසික සුවතාව, අධ්‍යාපනය සහ දිගුකාලීන යහපත ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර මොනවා ද?
  • දරුවාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සාක්ෂිකරුවන් සහ නඩුවට අදාළ තොරතුරු ඇති පුද්ගලයන් බලපෑම්, තර්ජන, හිරිහැර හෝ අනවශ්‍ය මැදිහත්වීම්වලින් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කර ඇති බවට සහතික විය හැකි ද?

කෙසේ වෙතත් ඊයේ (10) මෙම සිද්ධියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි ය. මාස ගණනාවක නිහඬතාවයකින් පසුව, ප්‍රථම වතාවට මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ අවධානයට ලක් විය. ඒ සඳහා දායක වූ සියලු දෙනාට අපගේ ස්තුතිය!

හෘදසාක්ෂියේ ගැහැනු

සටහන - Shyama Basnayake

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න