මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එල්ල වී තිබූ චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබේ.
ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර අද (03) මේ නියෝග කළේය.
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ නඩු පැවරීම සිදුකර තිබිණ .
කෙසේ වුවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති එම නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ඒ අනුව තීන්දුව නිකුත්කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
