ඉදිරියේදී විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවන අතර එහිදී කර්මාන්ත ශාලාවල හෝටලවල විදුලි ගාස්තු වැඩි කල යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .
ඒ අනුව විදුලි බිල තුන්හතර ගුණයකින් ඉහල යාමට ඉඩ ඇති බවත් ඔහු පවසයි .
කෙසේ වුවත් එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න හා රජයේ රෝහල වැනි ස්ථාන ඇතුලත් නොවන පරිදි ගාස්තු සංශෝධනය සිදු වනු ඇතැයිද ඔහු පැවසීය.
විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 750 ක් වියදම් වුවත් වසරකට ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් බිලියන 250ක් බවත් ඔහු පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
