පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව සිදු වන විමර්ශන කටයුතුවලට අගතිදායක වන අයුරින් සහ බාධා කෙරෙන සැලසුම් සහගත ක්‍රියාදාමයක උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර යන අය සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය හරහා වක්‍රාකාරව නිරත වන බවත් ඊට අදාළව සුදුසු නියෝග සිදු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු දක්වමින් ඉල්ලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම තිදෙනා ඇතුළු පිරිස විසින් සමාජ ගත කරන ලද ප්‍රකාශ සහ ලේඛන ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව අධිකරණයට දන්වා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
