Language Switcher

V2025

අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය : ෆේස් ටු ෆේස් ගේමක !

ජනාධිපති මන්දිරයේ සහ අරලිය ගහ මන්දිරයේ එකිනෙකාට එරෙහි දේශපාලන මෙහෙයුම් දෙකක් දියත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ජනාධිපති මන්දිරය ආශ්‍රිත මෙහෙයුම වර්තමානයේ පැනනැගුණු අර්බුදය විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ය.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ සහ වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම සහ ඒ වෙනුවට අලුත් අගමැතිවරයකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම ඇතුළු පසුගියදා ජනාධිපති කැඳවූ සාකච්ඡා සභාවේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් තිබේ.

ඒ වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ කටයුතු සම්බන්ධීකරණය හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ භාරගෙන තිබේ.

ඊට ප්‍රතිවිරුද්ධ අරලිය ගහ මන්දිරයේ මෙහෙයුම අගමැති මහින්ද රාජපක්ෂ දිගටම ධූරයෙ තබා ගැනීම ය. ඒ හරහා කල්ගතව හෝ යළිත් බලය තහවුරු කර ගැනීමය.

ඊට හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මැදිහත්ව ඇති බව වාර්තා වෙයි.

එසේම ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමේ වගකීම බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ නිලධාරීන් භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.