ජනාධිපති මන්දිරයේ සහ අරලිය ගහ මන්දිරයේ එකිනෙකාට එරෙහි දේශපාලන මෙහෙයුම් දෙකක් දියත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ජනාධිපති මන්දිරය ආශ්‍රිත මෙහෙයුම වර්තමානයේ පැනනැගුණු අර්බුදය විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ය.
එහිදී අගමැති මහින්ද රාජපක්ෂ සහ වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම සහ ඒ වෙනුවට අලුත් අගමැතිවරයකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම ඇතුළු පසුගියදා ජනාධිපති කැඳවූ සාකච්ඡා සභාවේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් තිබේ.
ඒ වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ කටයුතු සම්බන්ධීකරණය හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ භාරගෙන තිබේ.
ඊට ප්‍රතිවිරුද්ධ අරලිය ගහ මන්දිරයේ මෙහෙයුම අගමැති මහින්ද රාජපක්ෂ දිගටම ධූරයෙ තබා ගැනීම ය. ඒ හරහා කල්ගතව හෝ යළිත් බලය තහවුරු කර ගැනීමය.
ඊට හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මැදිහත්ව ඇති බව වාර්තා වෙයි.
එසේම ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමේ වගකීම බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ නිලධාරීන් භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
