Image

රඹුක්කන සිදුවුණේ ඝාතනයක් : වෙඩි තැබුවන්ට බඩු !

රඹුක්කන සිදුවුණේ ඝාතනයක් : වෙඩි තැබුවන්ට බඩු !

රඹුක්කන ප්‍රදේශයේ දී අප්‍රේල් 19 වනදා සිදු කළ විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එහිදී පුද්ගල ඝාතනයක් සිදුවූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තුවාල හා මරණය සිදුවී ඇත්තේ වෙඩි තැබීමකින් සිදු වූ තුවාල හේතුවෙන් බවට තීරණය කිරීම හේතුවෙන් මෙම නියෝගය සිදු කර තිබේ.

අදාළ නියෝගය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, මෙම නියෝගය වහා ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකුට තුවාල සිදු වූ අතර, ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, මෙම තුවාල, වෙඩි වැදීම නිසා ඇති වූ ඒවා බවටය.

ඒ අනුව නියෝග කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න