ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් එළැඹෙන 19 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලබන අතර, එය දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වනු ඇත.
මීට අමතරව, උප ජනාධිපතිවරයා මෙරට දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවීමට ද නියමිත අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද මෙහිදී හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබේ.
විශේෂයෙන්ම 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් පිළිබඳව මෙම සංචාරයේ දී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද සමගින් පැමිණෙන රාධක්‍රිෂ්ණන්ගේ මෙම සංචාරය මෑතකාලීන ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තවත් එක් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස සැලකේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
