Image

විශ්වාසභංගයෙන් ජනතාව ඉල්ලන දේ හම්බෙයිද ? අකිල

විශ්වාසභංගයෙන් ජනතාව ඉල්ලන දේ හම්බෙයිද ? අකිල

ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ කිසිම ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන නමුත් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් ගෝල්ෆේස් පිටියේ විරෝධතා දක්වන පිරිස ඇතුළු රටේ බහුතරය අපේක්ෂා කරන අරමුණ ඉටුවෙනවා දැයි සිතා බැලිය යුතුබව එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

එජාප උප නායකයා මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27)පැවති මාධ්‍ය හමුවකදී ය.

ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒම කල් යන වැඩක් වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ ප්‍රතිපාදන තිබෙන බව කී එජාප උප නායකයා මේ කාරණය සම්බන්ධ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න