Image

ජාජබ තුනම විශ්වාසභංගයට පක්ෂව : අනුර සහතික වෙයි !

ජාජබ තුනම විශ්වාසභංගයට පක්ෂව : අනුර සහතික වෙයි !

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි විශ්වාසභංගයට මන්ත්‍රීවරු එකසිය විස්සක් සහය දෙන බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු මන්ත්‍රීවරයා මේ බව පැවසීය .

තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම ස්ථිර බව ද එහෙත් අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ගැන තමන්ට සහතික විය නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .

විශ්වාස භංගයට පක්ෂව ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන ස්ථිර අදහසක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය.

මුදල්වලට තනතුර වරදාන වරප්‍රසාදවලට පිල් මාරුකරන ස්ථාවරයන් වෙනස් කරන මහජන නියෝජිතයන් ගැන සහතික වීම මෝඩකමක් යැයිද ඔහු පැවසීය. එහෙත් මේ පාලකයන් ගෙදර යැවිය යුතුය යන ස්ථාවරයේ තම පක්ෂය සිටින නිසා තමන්ගේ කණ්ඩායම එයට සහය දිමට තීරණය කළ බවද එය ස්ථිරවම සිදුවන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න