Image

අප්‍රේල් 28 එජාප සත්‍යග්‍රහය රඹුක්කන : මැයි 01 ගෝල්ෆේස් අරගල බිම !

අප්‍රේල් 28 එජාප සත්‍යග්‍රහය රඹුක්කන : මැයි 01 ගෝල්ෆේස් අරගල බිම !

ජාතික පක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත පවසා ඇත .

වත්මන් මොහොත දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන හෙයින් ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු බව පවසා ඇති පාලිත රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තරුණ බලවේගය මැයි 1 දා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග එක්ව මැයි දිනය සැමරීමට නියමිත බව සඳහන් කර ඇත.

ගෝඨා ගෝ ගම තරුණ අරගලය දේශපාලන පක්ෂයකට වෙන් වූ අරගලයක් නොවන හෙයින් එජාප නායකයින් ඊට සහභාගී නොවන බවත් දේශපාලන පක්ෂ අරමුණු මොහොතකට හැර දමා මේ මොහොතේ මහපොළොවේ අරගලය සමග එකතු වීමට එජාප බිම් මට්ටමේ යාන්ත්‍රණයට අවස්ථාව ලබාදී තිබෙන බවත් ඔහු පවසා ඇත.

මේ අතර අප්‍රේල් 28 වනදා රඹුක්කන සිදුවූ ඝාතනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් සත්‍යග්‍රහයක් සූදානම් කර ඇති බවත් වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වන පෝස්ටරය පහත දැක්වෙයි.

vbjfj

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න