Image

චෝදනා මත : වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රාණී ගෙදර යවයි !

චෝදනා මත : වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රාණී ගෙදර යවයි !

අකාර්යක්ෂ්මතාවය හා දූෂිත ක්‍රියාකලාපය හේතු ලෙස දක්වමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ භද්‍රාණි ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කොට ඇත.

පසුගිය වසර දෙකක පමණ කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යාංශය විසින් දියත් කරන ලද වැඩසටහන් නිසි ලෙස කළමණාකරණය කිරීමට හෝ කාර්ය මණ්ඩලයට මඟ පෙන්වීමට නොහැකි වීම තුළ ජනතාවගේ අප්‍රසාදය මෙන්ම කාර්ය මණ්ඩලයේ හා ආයතන වල අප්‍රසාදයට ලක් වීම තුළ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

භද්‍රාණි ජයවර්ධන විසින් වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ධූරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරය ද, තවත් ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද දරමින් සිට ඇත.

මහපොළ නෙට්වෙල්ත් සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යන ආයතන වල සභාපති ධූරයන් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල් මණ්ඩලය යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද මෙම ලේකම්වරිය විසින් දරා ඇත.

ඒ අනුව, මෙරට වැදගත්ම අමාත්‍යාංශයක් වන වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරී ඇති රාජකාරී පැහැර හැරීම තුළ, අවම වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හෝ නොහැකිව දිගින් දිගටම මහජනතාව පත් වූ අපහසුතා සඳහා මෙම ලේකම්වරිය ඍජුවම වගකිව යුතු බව එම ආයතන වල කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි.

හිටපු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද අවස්ථා ගණනාවක දී මෙම ලේකම්වරියගේ ක්‍රියාකලාපය පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින්, කාර්යක්ෂ්ම ලේකම්වරයෙකු පත් කර දෙන මෙන් ඉල්ලා ඇතත්, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් මෙම ලේකම්වරිය ඉවත් කිරීමට තරයේ විරුද්ධ වී ඇති බව ද වාර්තා වී ඇත.

අමාත්‍යාංශ ලේකම් ධූරයට හිමි වාහනයට අමතරව, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත්වීමෙන් පසුව සභාපතිවරයාට නිල බලයෙන් හිමි වන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයද භද්‍රාණි ජයවර්ධන විසින් භාවිතා කර ඇත. එම ජීප් රථය සඳහා පසුගිය මාසය තුළදී පමණක් ඉන්ධන ලීටර් 435ක් ලබා ගෙන ඇති බවට මෙම ඇය විසින් බිල්පත් ඉදිරිපත් කොට ඇති බවත් , සතොස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම බිල්පත් සඳහා මුදල් ගෙවීම තරයේ ප්‍රතික්ෂේප කර, ගෙවීම් අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි. එසේම මෙම ඉන්ධන භාවිතය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න