Image

සජිත්ගේ පැතුම විපක්ෂ නායක !

සජිත්ගේ පැතුම විපක්ෂ නායක !

අන්තර් පාලනයක් යනු මෙරට බහුතර ජනතාවගේ පොදු තීන්දුවක් නොවන අතර තම තමන්ගේ හිත සුව පිණිස තනතුරු හා වරප්‍රසාද බෙදා ගැනීමක් බැවින් රට අපේක්ෂා නොකරන දෙයකට තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීය සමග කළ විශේෂ සංවාදයකදී පැවසුවේය.

 ''රට ඉල්ලන්නේ නැති දෙකට සක්විති රජකම දෙනවා කිවුවත් ඒ පාවාදීම මම කරන්නේ නෑ. කවුරුහරි බහුතර කණ්ඩායමක් කිවුවොත් නෑ මේකම කෙරෙන්න ඕනා කියලා ඒ ගොල්ලන්ට කරගන්න කියනවා. මම එතන නෑ. තමන්ට ඕනා විදියකට 225ට එකතුවෙලා පුළුවන්ද ලක්ෂ 220 වෙනුවෙන් තම තමන්ගේ රුචිඅරුචිකම් අනුව ගනුදෙනු කරන්න. '' යනුවෙන් එහිදී ඔහු කියා සිටියේය.

කෙසේ වුවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රසිද්ධ youtube නාලිකාවක් පවසන්නේ විපක්ෂ නායක ධූරයෙ වරප්‍රසාද හේතුවෙන් ඔහු මේ මොහොතේ අගමැති නොවනු ඇති බවයි.

මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයකු විසින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ හිතවතෙකු හරහා එවනු ලැබූ පණිවිඩයක් ගැනත් විපක්ෂ නනායකවරයා ගේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.

ඒ අගමැති ට එරෙහිව විශ්වාසභංගය සම්මත වුවහොත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වන බවයි. එහිදී අගමැති වීම සඳහා වත්මන් විපක්ෂ නායක වෙත බහුතරයක් ඇත්දැයි යන්න ප්‍රශ්න කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න