Image

ප්‍රෝඩාව හමාරයි - ඉන්ධන මිල සූත්‍රය අවශ්‍යයි : පොහොට්ටුව පිළිගනියි !

ප්‍රෝඩාව හමාරයි - ඉන්ධන මිල සූත්‍රය අවශ්‍යයි : පොහොට්ටුව පිළිගනියි !

ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යෑම නිසා සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන තත්වයක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

මැයි මාසයේ මුල් සතිය වනතුරු ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලි බලාගාර සඳහාද ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇතැයි ද පැවසීය.

ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල කෝ !

නව කැබිනට් අමාත්‍ය කාංචන විජේසේකර ගේ මේ ප්‍රකාශය අනුව මෙරටට වඩාත් ගැලපෙන්නේ ලෝකය පුරා පිළිගත් ක්‍රමවේදයක් වන ඉන්ධන මිල සූත්‍රය බව තහවුරු වෙයි.

කෙසේ වුවත් වත්මන් ආණ්ඩුවේ කොටස් විපක්ෂයේ සිටි අවධියේදී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ට දැක්වූ විරෝධය ප්‍රෝඩාවක් බව ඒ අනුව තහවුරු වෙයි.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැනින් ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර වඩාත් ගැලපෙන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල බව පවසා අරමුදලක් ගොඩනැගූ නමුත් එයත් ප්‍රෝඩාවක් බව මේ වන විට තහවුරු වෙයි.

අවසානයේ සිදුව ඇත්තේ මිනිසුන් රැවටීම පමණි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න