Image

මහින්දගෙන් බලය ගිලිහෙයි !

මහින්දගෙන් බලය ගිලිහෙයි !

මේ වන විට පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ බහුතරය තහවුරු කිරීමට සමස්ථ විපක්ෂය සමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

සමගි ජනබලවේගය පක්ෂය විසින් , ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූ විට, 113 හදා ගන්නේ නැතුව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් වේවි කියා විරුද්ධ වුවත් , මේ වන විට මන්ත්‍රීවරුන් 120ක් තම පාර්ශ්වය සමග බව ඔහු පවසනවා.

අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

 "දැන් ඔන්න 113ට 120ක්ම හරි. අපි ගණන් හදලා බලමු. විපක්ෂයට හිටියේ මන්ත්‍රිවරුන් 65යි. අපි 42ක් විපක්ෂයට ආවාත් තුනක් ආපසු ගියා. දැන් ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමේ 39 එකතු කළාම 104යි. අන්තර්කාලින ආණ්ඩුවකට අවස්ථාව සලසමින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 10ක් ලිඛිතව ප්‍රකාශ කළා. දැන් 114යි. ඒ අතරේ 20 වන සංශෝධනයේ දී ආණ්ඩුවට සහයට දීමට තීරණය කළ මුස්ලිම් මන්ත්‍රිවරුන් 3ක් ආණ්ඩුවට ලබා දෙන සහය ඉවත් කර ගෙන තම පක්ෂ වෙත යෑමට තීරණය කළා. දැන් 117යි. ඒ වගේම නාලක ගොඩහේවා ඇමතිතුමාත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමාත් චරිත හේරත් කෝප් සභාපතිතුමාත් අන්තර්කාලින ආණ්ඩුවකට සහය දක්වා ආණ්ඩුව ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. දැන් 120යි. ඒ වගේම තම මතය දැනට ප්‍රසිද්ධ නොකළ තවත් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයකදී සහය දැක්වීමට සිටින බව ඉතාම විශ්වාසයෙන් කියන්න කැමතියි."

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා, වැඩිදුරටත් අනාවරණය කර සිටියේ ,පසුගිය දින වල අගමැති මහින්ද රාජපක්ෂ වෙත , සහය පළකිරීමේ යෝජනාවක් අසාර්ථක වූ බවයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ඒ අනුව අගමැති මහින්ද ට සහය දක්වන යෝජනාවක් වෙනුවෙන්, පෙරේදා සිට කටයුතු සූදානම්ව තිබෙනවා. ඊට පොදුජන පෙරමුණේ ලේකම් ,මැදිහත්වීමක් කර , මන්ත්‍රීවරුන්ට අත්සන් තැබීමට නියෝග කර තිබෙනවා.එහෙත් ඔහුට එක්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ , මන්ත්‍රීවරුන් 46ක් පමණයි.

කෙසේ වුවත් මෙහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර සිටියේ ය.

"ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් මේ අර්බූදය මැද බල පොරයක් හදනවාට වඩා කළ යුතු දේ වන්නේ අන්තර්කාලින සර්ව පාක්ෂික ආණ්ඩුවට ඉඩ දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීමයි. අගමැතිතුමා ඉල්ලා අස්වුණොත් ඇමති මණ්ඩලය ඉබේම විසිර ගොස් අන්තර්කාලින ආණ්ඩුවට අවස්ථාව සැලසෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න