ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අද (06) අදහස් දක්වමින් ය.
රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමත් එම ජනමතය එසේම බවත් පැවසූ ඔහු විරෝධතා දක්වන්නේ සුළු පිරිසක් යයිද ඇතිව තිබෙන තත්වය පාලනය කිරීමට රජයට හැකියාව ඇති බවද අමාත්‍යවරයා පවසයි.
අපි ලාභෙට මැරෙන්න සූදානම් නෑ. ඉපදෙන්නෙත් මැරෙන්නෙත් එක පාරයි. මෙහෙම ගියොත් විනාශයක් වෙන්නේ. අපිත් බය නෑ” යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
