මිරිහානේ පැවති විරෝධතාවය අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති වෙතින් කරුණු විමසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (03)පැවති විශේෂ හමුවකදී මේ ඇතුළු තීරණ කිහිපයකට එළැඹි බව එම කොමිසමේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ පවසයි.
ඒ අනුව මිරිහානේ දී මාධ්‍යවේදීන් වෙත එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අප්‍රේල් 05, අඟහරුවාදා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත.
එසේම අනුරාධපුර විරෝධතාවයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු එම විරෝධතාකරුවන්ට කළ පහරදීමක් සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසන් සභාවේ අවධානය යොමුව තිබේ.
කොමිසම ප්‍රකාශ කළේ, ඔහු ද ලබන අඟහරුවාදා කොමිසම හමුවට කැඳවා ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
