මිරිහානේ විරෝධයට : ත්‍රස්ත හෝ අන්තවාදී ලේබල් එපා - හිටපු අග්‍රාමාත්‍ය

මිරිහානේ විරෝධයට : ත්‍රස්ත හෝ අන්තවාදී ලේබල් එපා - හිටපු අග්‍රාමාත්‍ය

මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ (01) මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ අදහස් දැක්වීම පහත දැක්වෙයි.

පීඩාවට පත් ජනතාවගේ ගැටලු වලට විසඳුම් නොතිබුණු නිසා මිරිහාන පැඟිරි වත්තේ දී (31)රාත්‍රී සමාජ පිපිරුමක් ඇති වුණා.එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වුණා.මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමයේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකියි.පීඩාවට පත් ජනතාවගේ ගැටළු විසඳීමට ආණ්ඩුව අසමත් වුණා.එලෙසම විපක්ෂයත් අසාර්ථක වී තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් චෝදනා කරන අතර එසේනම් ඒ සම්බන්ධව සාක්කි සහ තොරතුරු ඉදිරිපත් කර මීට සම්බන්ධ කවුදැයි හෙළි කළ යුතුයි.

මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුව තිබෙනවා.මෙි ජාතිවාදී සිද්ධියක් නොවේ.එමෙන්ම මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද නොවේ.එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකියි.

ජුබිලි කණුවෙි පැවති උද්ඝෝෂණය සාමකාමී ලෙස පැවැත්වුණා.නමුත් පැඟිරි වත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා.එය අවාසනාවන්ත සිද්ධියක්.

මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කෙරෙමින් තිබෙනවා.අප එක කාරණයක් මතක තබා ගත යුතුයි.සාමකාමී උද්ඝෝෂණයකදී කිසිම පුද්ගලයෙකුට හානියක් සිදු නොවිය යුතුයි.එමෙන්ම ප්‍රචණ්ඩත්වයටත් ඉඩ නොදිය යුතුයි.ජනතාවට සාමකාමීව තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙනවා.ජනතාවගේ එම උද්ඝෝෂණ වලට දේශපාලන පක්ෂ සහභාගී නොවිය යුතුයි.එමෙන්ම දේශපාලන පක්ෂ වලට තමන්ගේ රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ද තිබෙනවා.

ප්‍රමාද වුවත් පාර්ලිමේන්තුවටත් දැන් වගකීමක් තිබෙනවා.පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතුයි.එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට අප මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙනවා.අපේ ප්‍රශ්න ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සාමකාමීව විසඳා ගන්නට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න