රනිල්ගේ සටන ඵල දරයි : IMF වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය !

රනිල්ගේ සටන ඵල දරයි : IMF වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 25වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙයි .

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බවත් දැනගන්නට ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමේ 04වන වගන්තිය යටතේ 2021 වර්ෂය සදහා ඉදිරිපත් කරනු ලැබූ එම වාර්තාව පිටු 95කින් සමන්විතය. මෙරට ආර්ථිකය මුහුණ පා ඇති අභියෝග, ඊට හේතු වූ කරුණු සහ ආර්ථිකය යළි ගොඩනැගීම සදහා යෝජනා එම වාර්තවේ ඇතුළත් වෙයි.

රනිල්ගේ ඉල්ලීම ඵල දරයි !

IMF වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම විපක්ෂය වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වුවත් ආණ්ඩුව ඊට නිසි ප්‍රතිචාරයක් නොදක්වා මඟහැර සිටින ප්‍රතිපත්තියක සිටි බව දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

එහෙත් පසුගිය 23 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් සිදුකළ අතර එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග වචන හුවමාරුවක් ද සිදුවිය.

දේශපාලන විචාරකයන් පවසන්නේ ඊට ලැබුණු මාධ්‍ය අවධානය හේතුවෙන් මෙන්ම අදාළ වාර්තාව ප්‍රසිද්ධ නොකර බැරි තැනකට පත්වූ බවයි.

එසේම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එම වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබූ බවත් , කෙසේ වුවත් සර්ව පාක්ෂික සමුළුවේ අවස්ථාව මේ ආකාරයට පාර්ලිමේන්තුව වෙනුවෙන් තහවුරු කර ගැනීමට හැකිවීම වැදගත් සිදුවීමක් බවත් විචාරක මතය වී තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න