කාදිනල් හදිසියේ කොහේද ගියේ : පාස්කු අවනඩුව අරගෙන ගියාද ?

කාදිනල් හදිසියේ කොහේද ගියේ :  පාස්කු අවනඩුව අරගෙන ගියාද ?

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (22) උදැසන විශේෂ ධුත පිරිසක් සමග විදෙස්ගතව ඇති බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇති බවත් වාර්තා වෙයි.

ඒ අවස්ථා කිහිපයකම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුනොවේ නම් ඊට ජාත්‍යන්තර සහය ගැනීමට කටයුතු කරන බවට කාදිනල් හිමි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ නිසාය.

තවද කාදිනල් හිමි වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිත බවත්, එම සංචාරයේදී උන්වහන්සේ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඇතුලු වතිකානුවේ ඉහළ බලධාරීන් හමුවී පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බවත් පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබිණ.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ලෝක රදගුරු සමුළුවේ ප්‍රධානින් හා ජාත්‍යන්තර ගිහි සංවිධානයේ නියෝජිතයින් සමග ද විශේෂ සාකච්ජා වට කිහිපයක් ම පැවැත්වීමටසැලසුම් කර ඇතැයි එම මාධ්‍ය වාර්තාව වල සඳහන් විය.

මීට අමතරව කාදිනල් හිමි අමෙරිකාවේ අගරදගුරු සමග පසුගිය දින දෙක පුරාම දුරකතනය ඔස්සේ සාකච්ජා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවද මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ කාදිනල් හිමි පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගන්න විදෙස් ගතවූවාද යන්න තීරණාත්මක කරුණක් වන බවයි.

එසේම ඉදිරියට ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ද ලංකා ආණ්ඩුව අභියෝගයකට මුහුණදී සිටින බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

කෙසේ වුවත් ආණ්ඩුව මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තා සියල්ල පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවත් , එය ආණ්ඩුව පාර්ශ්වය වෙනුවෙන් ධනාත්මක එළඹුමක් බවත් විචාරකයන් පවසයි.

එයින් නොනැවතී තවදුරටත් නීතිමය වශයෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න මැදිහත් වීම තහවුරු කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ කැපවීම තහවුරු කිරීම මෙරටට අතිශය වැදගත් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න