ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
ඒ, නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදීයි.
මේනකා විජේසුන්දර ,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා 2020 වසරේ අප්‍රේල් 14 වැනිදා අත්අඩංගුවට ගැනුණේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක සිසුන්ට අන්තගාමී දේශන පැවැත්වීම සම්බන්ධයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
