Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

ඒ, නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදීයි.

මේනකා විජේසුන්දර ,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා 2020 වසරේ අප්‍රේල් 14 වැනිදා අත්අඩංගුවට ගැනුණේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක සිසුන්ට අන්තගාමී දේශන පැවැත්වීම සම්බන්ධයෙනි.