මහසෝනාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

මහසෝනාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

මහනුවර සිදුකළ ජාතිවාදී ප්‍රහාරයන්ට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින මහසොහොන් බලකායේ අමිත් වීරසිංහගේ සුවදුක් බැලීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඊයේ (24 ) දිනයේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇත.

බොදුබල සේනා සංවිධානයේ පිරිසක් සමඟ ඥාණසාර හිමි මේ ගමන ගොස් තිබෙන අතර අමිත් වීරසිංහ අත්අඩංගුවට ගනු ලැබුවේ තෙල්දෙණිය ඇතුළුව මහනුවර තදාසන්න ප්‍රදේශ වල ජාතිවාදී ප්‍රහාර මෙහෙයවූ බවට ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන තිබෙන බව සඳහන් කරමින්ය.

කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අමිත් වීරසිංහගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කර සිටියේ තම සැමියා මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සම්බන්ධ නැති බවය.

එසේම 'නුවර ඞී.අයි.ජී. මහත්තය තමයි අමිත් වීරසිංහ ඔයා මේ වෙලාවෙ පොඞ්ඩක් මෙතනට එන්න කියල ප්‍රශ්නයකට පැටලෙවුවෙ කියල මං තරයේ කියා සිටිනවා’ යනුවෙන්ද එහිදී ඇය පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න