පක්ෂයක විනය කියන දේ මහින්ද උගන්වයි : මෛත්‍රී ජනාධිපතිට හින්ට් ගොඩයි

පක්ෂයක විනය කියන දේ මහින්ද උගන්වයි : මෛත්‍රී ජනාධිපතිට හින්ට් ගොඩයි

සියළුම සාමාජිකයන් පක්ෂ නායකත්වය ගනු ලබන තීරණය සමඟ එකට සිටිය යුතු බවත් එසේ නොවන අය වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ කටුණායක - සීදූව නගරසභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයකු එම පක්ෂයේ තීන්දුවට පිටුපෑ බවත් ඒ හේතුවෙන් එම නගරසභාවේ බලය පොදුජන පෙරමුණෙන් ගිළිහී ගිය බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධවය.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ කණ්ඩායම කැඳවා තිබෙන හිටපු ජනාධිපතිවරයා අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසත් පක්ෂ විනය කඩකිරීම සම්බන්ධව නිදහසට කරුණු විමසා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද දැනුම්දී ඇති බව පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

පක්ෂ විනය රකින්න බැරි අයට නිදහසේ ඉන්න ශ්‍රීලනිපයට යන්න කියන්න

එසේම තම තමන්ගේ හිතු මතයට වැඩ කිරීමට අවශ්‍ය නම් පක්ෂ නායකත්වයක් කියා දෙයක් අවශ්‍ය නැති බවත් එවැනි නිදහසක් අපේක්ෂා කරන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන ලෙස දන්වන ලෙසද හිටපු ජනාධිපතිවරයා සිනා සෙමින් පැවසූ බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

හාමුදුරුවන්ට කියලා විශේෂයාක් නෑ : තීන්දුව පිළිගන්න බැරිනම් යන්න පුළුවන්

මේ අතර ඌව පළාත් සභාව යටතේ වන පළාත් පාලන ආයතනයකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රශ්නයක් මතුව තිබෙන අතර එහි නායකත්වය ගෙන කටයුතු කර ඇත්තේ භික්ෂුවකි. එහෙත් පොදුජන පෙරමුණ භික්ෂූන්ට පළාත් පාලන ආයතන වල මුල් පුටු නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එම භික්ෂුව කළකිරී ඇති බව පාක්ෂිකයන් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කොට තිබේ.

එහිදීද හිටපු ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ පක්ෂ විනය අංක එක බවත් නායකත්වය ගන්නා තීන්දු වලට පිටුපාන කිසිවෙකු පක්ෂයේ සිටිය යුතු නැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න