ගාල්ලේදී UNPය පාවාදුන් හතේ කල්ලියට වජිරගෙන් රතු එළි !

ගාල්ලේදී UNPය පාවාදුන් හතේ කල්ලියට වජිරගෙන් රතු එළි !

ගාල්ල මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමේදී පක්ෂ තීරණයට පිටුපාමින් කටයුතු කළ එජාප මන්ත්‍රීවරුන් හත්දෙනාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.

අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරන ආකාරයට නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂ සභිකයින් 14 දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධාන සභිකයින් තිදෙනා සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයා එක්ව කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබී ඇත.

ගාල්ල මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමේ දී එක්සත් ජාතික පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් දෙකක් යෝජනා වී ඇති අතර එහිදී එජාප මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පොදුජන පෙරමුණට සහය දී සිය අපේක්ෂකයා පරාජයට පත්කර ඇති අතර මේ වන විට ඒ පිළිබඳ පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති බවද වජිර අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ අපේක්ෂාවෙන් ඡන්දය ලබාදුන් පාක්ෂිකයින්ගේ මතය කිහිපදෙනෙකු විසින් මෙලෙස මුදලට පාවාදීම අනුමත කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවු තිබූ අතර ඒ වසර 16 කට පසුවය.

එම එකඟතාව කඩකරමින් එක්සත් ජාතික පක්ෂ සභිකයින් හත් දෙනෙකු පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න