ආය රණසිංහ ප්‍රේමදාස නම කියන්න එපා : ෆොන්සේකා සජිත්‍ට කියලා !

ආය රණසිංහ ප්‍රේමදාස නම කියන්න එපා : ෆොන්සේකා සජිත්‍ට කියලා !

මින්පසු රණසිංහ ප්‍රේමදාස යන නමවත් කියන්නට එපා යැයි තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූ බව සමගි ජන බලවේගයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනහමුවක් අමතමින් වන අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවානේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි ?. දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ.

ඒ හින්දා මොන ආර්ථික විශේෂඥයා ආවත් ඒ ගොල්ලෝ බැලනස් කරලා අරම මෙහෙම කියයි.

රටේ නිෂ්පාදනය නැතිනම් එක පැත්තකින් රට උඩ යන්නේ නෑ. අනිත් පැත්තෙන් දූෂණය. අපේ පක්ෂය වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් අරගෙන මේ ලයින් එකේ වැඩ කරන්න ඕනේ. නායකතුමා මෙතන හිටියා නම්.. මේ පණිවුඩය මෙහෙම්ම ම කියනවා මං.

එතුමට මම බදුල්ලේ දී කිව්වා.. ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න