Language Switcher

V2025

බැසිල් පාර්ශ්වය විමල්ව යළිත් කටුස්සා කරලා !

යළිත් වරක් කටුස්සා යන අන්වර්ථ නාමයෙන්, අමාත්‍ය විමල් වීරවංශ ඇමතීමට ආණ්ඩුවේ දැඩි බැසිල්වාදියකු වන , පුවත්පත් මණ්ඩලේ සභාපති මහින්ද පතිරණ කටයුතු කර ඇත.

ඒ අනුව ඊයේ (28) සිය ෆේස්බුක් ගිනුමේ මහින්ද පතිරණ සභාපති , විමල් වීරවංශ අමාත්‍යවරයා "කටුස්සා" කර ෆේස්බුක් සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

eerer 1

"ඇමති වීමල් වීරවංශ කාබනික කෘෂි කර්මාන්තය සඳහා වූ තීරණය සිදු වූ වරදක් බව කියමින් අද ඊට පහර ගහනව දැක්ක. ඇත්තටම ඔය තීරණයේ හරි වැරැද්ද දකින්න තාම කල් වැඩියි. ඒ කොහොම වුනත් ඕක හරි ගියා නම් ඕකෙ ක්‍රෙඩිට් එක ගන්න මුලින්ම එන්නෙත් විමලසිරි ගම්ලත් ම තමා. රාජපක්ෂ ආණ්ඩුලින් කරපු හොඳ දේවල් සේරම ඔය දෙතුන් දෙනා කරල තියෙන්නෙ. "වැරදි" සේරම රාජපක්ෂල තනියෙම කරපුව. මේව අපෙයි අලින්ගෙයි වැඩ කියල ගස් පෙරළපු අලියෙකුගෙ පිටේ හිටිය කටුස්සෙකුත් කීවලුනෙ.''

කෙසේ වුවත් අමාත්‍ය විමල් වීරවංශ බැසිල් පාර්ශ්වය වෙතින් මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ , රටම එක කන්නයකින් කාබනික කෘෂිකර්මාන්තයක් කරන්න යාමෙන් සිදුව ඇති වින්නැහිය විසඳාගැනීම ගැන කතා කිරීම හේතුවෙනි.

ඊයේ කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා ඇත්තේ වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු බවයි.

රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කියා ඇත.

කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ, පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවන බව ද සඳහන් කර තිබේ.

මීට පෙර සිරස මාධ්‍ය ජාලය විසින් ද දේශපාලන කටුස්සකු ලෙස ව්‍යංගයෙන් විමල් වීරවංශ ඉලක්ක කර විවේචනයක් දියත් කළ අතර , ඊට පසුව විමල් වීරවංශ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයෙන් සහ ප්‍රචාරක ලේකම් ධූරයෙන් ඉවත්ව, ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගනිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූ බව දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.