මෙරටින් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 82 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශය මගින් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6ක් හඳුනා ගෙන ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
ඔවුන්ද අනු ප්‍රභේද 02 ක ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව දැක්වෙයි.
පසුගිය සතියේදී සමාජයෙන් ලබාගත් සාම්පලවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,කැස්බෑව, මතුගම යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය පවසයි.
සෙසු සාම්පල් සාම්පල් 06 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බව හඳුනාගෙන ඇත.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වී ඇත්තේ හොරණ, මතුගම සහ පානදුර යන ප්‍රදේශවලිනි.
ඒ අනුව මේ වන විට රට පුරා කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් තවදුරටත් එම එන්නත්කරණය ලබා ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
