විශ්වාසභංගයෙන් පසු මෛත්‍රීට දෝෂාභියෝගයක් !

විශ්වාසභංගයෙන් පසු මෛත්‍රීට දෝෂාභියෝගයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකට ලක්කර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණක් වී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

යම් හෙයකින් මෙම විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් ඒ සමගම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ අති බහුතරයක් රාජපක්ෂවරුන් සමග එකඟතාවයකින් ක්‍රියා කරති.

 z p04 Dividing

විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" කුමන්ත්‍රණයක් - ශ්‍රීලනිප මහ ලේකම්

 මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" කුමන්ත්‍රණයක් බවයි.

'බීබීසී සිංහල සේවය' සමග සාකච්ජාවකට එක්වෙමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.

එහෙයින්, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවද ඔහු කියා සිටියේය.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න