ඖෂධ හිඟයක් නෑලු : ගබඩා කරගන්න එපාලු !

ඖෂධ හිඟයක් නෑලු : ගබඩා කරගන්න එපාලු !

රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි .

රටට අවශ්‍ය ඖෂධ චීනයෙන් හා ඉන්දියාවෙන් ණය පහසුකම් යටතේ ගෙන එන හෙයින් ඖෂධ ගෙන්වීමට ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

විවිධ පුද්ගලයන් ගෙන යන කටකතා නිසා රටේ ඖෂධ හිඟයක් ඇති වේ යැයි ජනතාව තුළ බියක් හටගෙන ඇති බවත් අවශ්‍ය තරම් ඖෂධ පවතින හෙයින් ජනතාව ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද ප්‍රකාශ කළේය.

අවශ්‍ය තරම් ඖෂධ ලබා දෙන බවට ඉන්දියාව සහ චීන රජයන් සහතික වී ඇති බවද ඔහු පැවසුවේය.

ඖෂධ හිඟයක් ඇති වේ යැයි යන බියෙන් සමහරුන් මාස හය හතකට කාලයකට ඖෂධ නිවෙස්වල ගබඩා කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස කටයුතු කිරීමෙන් ඖෂධ කෘතිමව හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් චන්න ජයසුමන  කීවේය.

මෙයට අමතරව විවිධ උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කළ යුතු ඖෂධ නිවෙස්වල දීර්ඝ කාලයක් හිතුමතේ ගබඩා කිරීමෙන් ඒවායේ ගුණාත්මක තත්වය හීනවී විවිධ ගැටලු මතුවිය හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න