විදේශ විනිමය අර්බුදය මත ගල් අඟුරු විදුලි බලාගාර පවත්වාගෙන යාමද ගැටළුකාරී වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු සඳහන් කරන්නේ ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී ඇති බවයි.
ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවුවද ඒ සඳහා කිසිදු සැපයුම්කරුවකු ඉදිරිපත් නොවන බව ද ඔහු පැවසීය.
මේ තත්ත්වය මත නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදනයට යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙමින් ඇත.
ආනයනය කළ ගල් අඟුරු තොග දැනට ඇතත් නුදුරේදීම එම බලාගරයේද විදුලි උත්පාදනය අර්බුදයකට ලක්විය හැක.
මෙරට විදුලි ඉල්ලුමෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිපදවීමේ හැකියාම නොරොච්චෝල බලාගාරයට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
