මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂ කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් මත ක්‍රියාත්මක නව වැඩපිළිවෙළ යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) අලුතින් ස්ථාපිත කරන ලද හෘද කැතීටරීකරණ රසායනාගාරය ඇතුළු අතිනවීන රෝගී සත්කාරක පහසුකම් කිහිපයක් නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ලබන (30) දින සිදු කිරීමට නියමිතය.
ඒ අනුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ
ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය සඳහන් කළා ය.
රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක්
මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් මෙම සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කෙරෙන අතර, පසුගිය 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේ රසායනාගාරය ජනතා අයිතියට පත් කෙරිණි.
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාරය ඇතුළුව කොළඹ ජාතික රෝහලේ කැත් රසායනාගාර 02 ක් ද, මෙම සතිය තුළ රෝගී ප්‍රතිකාර සඳහා එක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් උසස් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට ද හැකියාව සලසයි.
මෙම හෘද කැතීටකරණ පද්ධති ඒකක (Cath Labs) ඇතුළු රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම යටතේ ප්‍රධාන ඒකක ස්ථාපිත කිරීමට පියවර ගැනීමේ වැඩපිළිවල තුළ මෙරට රෝහල් පද්ධතියේ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරමින් වඩාත් පහසු, වේගවත් හා නිවැරදි රෝග විනිශ්චයන් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් රෝගී ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
