මහවැලි ගගේ මහා පරිමාණ වැලි කැණීම් සදහා රජයෙන් අවසර

මහවැලි ගගේ මහා පරිමාණ වැලි කැණීම් සදහා රජයෙන් අවසර

සොබාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැළිකැණමි සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙි වන විට බලපත්‍ර ලබාදී තිබෙි.

භූ විද්‍යා පතල් කාර්‍යංශ විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නමි ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදීතාවය පිළිබද අධ්‍යයනය කල යුතුය.

එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නිති විරෝධි ක්‍රීයාවලියකි. මීට පෙර මෙම ප්‍රදේශයේ සුලු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශ වාසින් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැණීම මෙම සොබාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙම ප්‍රදේශයේ අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයකට මෙන්ම සොබාවික පාරිසරික සංවෙිදි කලාපයකටයි. නමුත් එම වැළි නිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නමි ඒ සදහා නිසි ලෙස අධ්‍යනයක් කල යතුය. ගමිමුන් ප්‍රදේශයේ වැලි ඇති දැයි සොයා ගන්නේ ප්ලස්ටික් බටයක් යටට යවා තිබෙින ප්‍රමාණය මැන ගැනීමෙිනි... භු විද්‍යා හා පතල් කාර්‍යංශය මෙම වැලි බලපත්‍ර නිකුත් කිරිමට පෙරද වැලි නිදියේ ඝනත්වය මැන ඇත්තේ මෙි ආකාරයටය. මෙි වැනි මැනිමි කර ලයිසන් දිමට භූ විද්‍යා පතල් කාර්ංෂ්‍යක් අවශ්‍යා වන්නේ නැත. වැලි කැනිමිවලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරිමට හැකිනමි පමණක් ඒ සදහා අවසර දිම විද්‍යාත්මක ක්‍රමය වෙි.

270114489 10223947342804095 1934187174761918133 n2021/57/LS අංකයෙන් නිකුත් වනු 2021 ත්‍රි කුණාමලය ප්‍රදේශයේ වැලි කැණිමි සමිබන්ධව කල වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහවැලි ගගේ ඉවුරට විශාල හානි පැමිණ ඇත. එමෙන්ම ප්‍රදේශයේ ලවණ තාවය වැඩි වි ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත.

එයට අමතරව පසුගිය ඔක්තොම්බර් මස 11 වැනි දින කළුගල්ල වැලි, පස්, බොරළු හා මැටි කැණීම් ප්‍රවාහනය හා වෙළදාම සම්බන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් 02/2021 චක්‍රලේඛය නිකුත් කිරීම රටේ ගංගා පරිසර පද්ධතිය බරපතල විනාශයකට ගෙන යාමකි.

2020 ඔක්තෝබර් මස හයවන දින 2196/28 අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත්කළ කමිටුවට අනුව වැලි ගොඩදැමීම හා ප්‍රවහානය සම්බන්ධව ඇති බාධා නිසා වැලි ගොඩ දමන ජනතාව, සමාගම් සියල්ල අපහසුතාවයට පත්ව ඇති අතර එම අපහසුතාවයන්ගෙන් ජනතාව මුදවා ගැනීමට නැවත වැලි හා ඛණිජ බලපත්‍ර ලබාදිම වෙනුවෙන් යැයි කියා නැවත වැලි ජාවාරමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට මෙමගින් උත්සාහ කරමින් ඇති බවයි.

එමෙන්ම මේ වන විට මහවැලි ගංඟාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති බවත් සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇත. මේ වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ.

මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැණීමට රජය ඉඩදිම තුළින් අනාගතයේදී බරපතල පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබඳ අර්බුදයක් ඇති විය හැකිය.

නව චක්‍රලේඛය හරහා වැලි කැණීම සඳහා බලපත්‍ර ලබා දීම ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කිරීමට යෝජනා කර තිබෙන බවත් එම ක්‍රියාවලියෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් එමඟින් සිදුවන්නේ දැඩි පාරිසරික හානියකට අතවැනීමක් බවත් අප විසින් මිට මාස කිහිපයකට පෙර පෙන්වාදුන්

මෙහිදී පවතින විශේෂ ගැටළුවක් වන්නේ පරිසර හිතකාමියෙකු බව පෙන්වාදෙමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂම විශාල පරිසර හානියකට උරදෙමින් සිටීමයි.

මෙම තත්වය රටට උදාකිරීමට උරදුන් ඇතැම් පරිසරවෙිදින් මෙයට වග කිව යුතුය.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.

ජාතික සම්බන්ධිකාරක,

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය 071836864

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න