මැදගොඩ අභය තිස්ස හිමිට එළිය වැටෙයි : ලංකාව ගැන අනතුරු අඟවයි !

මැදගොඩ අභය තිස්ස හිමිට එළිය වැටෙයි : ලංකාව ගැන අනතුරු අඟවයි !

අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල දේශපාලන සමාජ ආර්ථික තත්වයට ශ්‍රී ලංකාව ද සමාන වෙමින් පවතින බව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි සඳහන් කරති.

ඒ උත්සව සභාවක් අමතමිනි.

මැටි රොටී කන, සතුන්ගේ ලේ බොන ඇතැම් රටවල් එම කලාපයේ ඇති බවත් ජනතාව කුසගින්නේ සිටින රටවල් එම කලාපයේ ඇති බවත් පැවසූ වහන්සේ ශ්‍රී ලංකාවද මේ ගමන් කරමින් තිබේ දිසාවට බවද මැදගොඩ අභය තිස්ස හිමි වැඩිදුරටත් පවසා සිටීත

ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව වැහරලි ඇදගෙන අපිරිසිදුවට සිටින මිනිසුන් ඒවායේ ඕනෑතරම් ඇතැයි ද උන්වහන්සේ කීහ.

අපේ රටද එතනට දවසින් දවස ළඟා වෙමින් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

‘තව කාලයක් යනකොට අපේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි. ටික කාලෙකින් අපේ රට අන්ත අසරණ අප්‍රිකානු රාජ්‍යයක් බවට පත්වෙයි. එළවළු බෑග් එකක් ගේන්න සල්ලි බෑග් එකක් පොළට අරන් යන්න වෙයි"

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න