සිංහල ඩයස්පෝරාව : රන්ජන් වෙනුවෙන් ජිනීවා යයි !

සිංහල ඩයස්පෝරාව : රන්ජන් වෙනුවෙන් ජිනීවා යයි !

පසුගිය ජනවාරි 12වන දින අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 4 බරපතල වැඩ සහිත අත්සිටවූ සිරඳඩුවමට ලක්කළ ප්‍රතිභාපූර්ණ, සම්මානනීය නළුවකු වූ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් දිවයින පුරා අත්සන් දශ ලක්ෂයක පෙත්සමක් වෙනුවෙන් රන්ජන්ට ආදරය කරන ජනතාව එක්‍ රොක් වෙමින් සිටී. …. එය සමගි තරුණ ජනබලවේගය විසින් සංවිධානය කර ඇත…

යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් රන්ජන් වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුවට ….. !

මේ මොහොතවන විට ජනාධිපතිවරයාට භාරදීම වෙනුවෙන් ක්‍රියාත්මක අත්සන් දස ලක්ෂයේ ව්‍යාපෘතියට සමගාමීව ඊට ජාත්‍යන්තර අවධානය යොමුකරමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් යුරෝපා පාර්ලිමේන්තුවට සන්දේශයක් භාරදීමට කටයුතු කරමින් සිටී..

රන්ජන් හෙළිකළ දේ ඇස් පනාපිට සිදුවෙයි…?

දිගින් දිගටම කඩවන මානවහිමිකම්,ආයුධ පෙන්වීමට ගොස් රාජ්‍ය භාරයේ සිටින සැකකරුවන් ඝාතණය කිරීම්,වංචා දූෂණ හා ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන වර්තමාන තත්වය පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක විසින් දිගින් දිගටම තම හඬ අවදි කල චරිතයකි…

එනිසාවෙන්ම රන්ජන් රාමනායක නම් කළාකරුවා, දේශපාලන සිරකරුවා වෙනුවෙන් යුරෝපයේ ජීවතන ශ්‍රීලාංකිකයන් දෙසැම්බර් මස 12වන ඉරිදා සවස 01.00 සිට 4.00 දක්වා කාළය තුළ ජිනීවා මානව හිමිකම් කාර්‍යාලයට සන්දේශයක් භාරදීමට කයටුතු සූදානම් කොට ඇත…

රන්ජන් රාමනායකගේ නිදසහ වෙනුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිසක් විසින් සංවිධානය කරන මෙම සත්කාර්‍ය වෙනුවෙන් ජර්මනිය,ස්විස්ටර්ලන්තය,ප්‍රංශය,ඔස්ට්‍රියාව,එංගලතය ඇතුලු රටවල් කීපයක වෙසෙන සිවිල් ක්‍රියාකාරීන්ගේද සහාය ලැබීම විශේෂත්වයකි.

IMG 20211205 WA0010

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ.

ඉතාලිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න