හිටපු අගමැති අබුඩාබි යන්න පෙර IDU සැසිවාරය අමතයි !

හිටපු අගමැති අබුඩාබි යන්න පෙර IDU සැසිවාරය අමතයි !

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට දැවැන්ත අගාධයකට කඩාවැටෙමින් පවතින බවත්, මධ්‍යම පන්තිය විශාල ගැටළු රැසකට මුහුණ පා සිටින බවත්, ඉන් ගොඩ ඒමට මේ මොහොතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය අවශ්‍ය බවත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අබුඩාබි බලා පිටත්ව යාමට පෙර පසුගියදා Zoom තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ සැසිවාරයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශකර ඇත.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමත් සමඟම ශ්‍රී ලංකාව තුළ නිසි ආර්ථික කළමණාකාරිත්වයක් ඇති නොවීම මෙම තත්වයට හේතුව බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

මිට අමතරව, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියා.

මෙ වන විට ජනතාව අලුත් මුහුණු දේශපාලන යාන්ත්‍රණයට අපේක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවද, හි රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර සිටියා.

මෙම සාකච්ජාවෙන් අනතුරුව අබුඩාබි නුවර බලා හිටපු අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය අතර ඔහු අද (05) ඉන්දීය සාගර සමුළුව ඇමතීමට නියමිතයි.

IMG 20211205 WA0003

IMG 20211205 WA0005

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න